පැණි පොල් සමඟ "ගොටු පිට්ටු"...
පැණි පොල් සමඟ "ගොටු පිට්ටු"...
**********************
අඩු වියදමකින් හරිම පහසුවෙන් ඉතාමත් රසවත් ලෙස සාදාගන්නට හැකි මේ ආහාරය හඳුන්වන්නේ ‘ගොටු පිට්ටු’ නමිනුයි. මුලින්ම අපි ගොටු පිට්ටු හදන්න ඕනෙ කරන දේවල් මොනවාද කියා හඳුනා ගනිමු.
**********************
අඩු වියදමකින් හරිම පහසුවෙන් ඉතාමත් රසවත් ලෙස සාදාගන්නට හැකි මේ ආහාරය හඳුන්වන්නේ ‘ගොටු පිට්ටු’ නමිනුයි. මුලින්ම අපි ගොටු පිට්ටු හදන්න ඕනෙ කරන දේවල් මොනවාද කියා හඳුනා ගනිමු.
මේ සඳහා හාල් පිටි ග්‍රෑම් 500 ක්, සීනි ග්‍රෑම් 250 ක්, පොල් බෑයක පොල්, ලුණු ස්වල්පයක්, කරදමුංගු කුඩු ටිකක්, යීස්ට් ස්වල්පයක් සහ කොස් කොළ ටිකක් සූදානම් කරගන්න ඕනෑ.
පිටි මිශ්‍රණය අනාගන්නා ආකාරය ගැනත් අපි දැනගන්න ඕනෑ.
ඒ ගොටු පිට්ටු හැදුවාම හොඳින් පිපෙන්නට අවශ්‍ය නිසයි. ඒ නිසා මුලින්ම හාල් පිටිවලට පොල් ගෙඩියක් බිඳීමෙන් ලබාගන්නා වතුර සහ යීස්ට් හෝ ආප්ප සෝඩා ස්වල්පයක් එක්කර ඝනකම් මිශ්‍රණයක් ලෙස අනාගන්න. මෙම පිටි මිශ්‍රණය හොඳින් ආවරණය කරගෙන පැය 3 - 4 ක් වසා තබන්න.
ඒ අතරතුර අපි පැණි පොල් මිශ්‍රණයක් හදාගන්න ඕනෑ.
“කොහොමද පැණි පොල් මිශ්‍රණය හදන්නේ.”
“බඳුනක් ළිප තබා එයට සීනි ටිකක් දමා කරවෙන්න අරින්න. එය හොඳින් කරවුණාම උණු වතුර ටිකක් එක්කර එයට ඉතිරි සීනි ටිකත් දමා තරමක් උණුවෙන්න හරින්න. දැන් මේ පැණි මිශ්‍රණයට සිහින්ව ගා ගත් පොල්, කරදමුංගු කුඩු එක්කර කූරුගාමින් මැලවෙන්න හරින්න. යන්තමින් තෙත ගතිය තිබියදී ළිපෙන් බාන්න. දැන් මුලින් අනාගත් පිටි මිශ්‍රණය හොඳින් පිපී ඇති. මෙම පිටි මිශ්‍රණයට සාදාගත් පැණි පොල් ටිකත්, ලුණු ස්වල්පයකුත් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. අමතරව වතුර එකතු කිරීම අවශ්‍ය නැහැ.
මේ විදියට පිටි මිශ්‍රණය අනා ගත්තට පස්සේ කොස් කොළ ටික ගොටු විදියට හදාගන්න ඕනෑ. එහිදී කොස් කොළය ගොට්ටක් ලෙස නවා ඉරටු කෑල්ලක් ගසන්න. දැන් අපි ගොටු පිට්ටු තම්බන්නට කඩවැස්මක් සූදානම් කරන්න ඕනෑ.
“කොහොමද කඩවැස්මක් හදන්නේ.”
“තරමක් ලොකු මැටි මුට්ටියක් හෝ ඇලුමිනියම් මුට්ටියක් අරගෙන එහි කටට තුනී කපු රෙදි කැබැල්ලක් බැඳ මුට්ටියෙන් 1/2 ක් පමණ වතුර පුරවන්න. දැන් මේ කඩවැස්මට දහය්යා ටිකක් දමන්න. සාදාගත් කොස් කොළ ගොටුවලට පිටි මිශ්‍රණය ගොටුවේ 3/4 ක් පිරෙන සේ දමා දහය්යා මත සිටුවන්න. මේ ආකාරයට ඉඩ තිබෙන පරිදි ගොටු කිහිපයක් තබා සුළං පිට නොවන සේ පියනකින් වසා හුමාලයෙන් තම්බා ගන්නට පුළුවනි.
අපිට මේවා ස්ටීමරයෙන් තම්බා ගන්න පුළුවන්ද?”
“ඔව්. ස්ටීමරයේ තම්බා ගන්නවා නම් කුඩා ඇලුමිනියම් බඳුන් කිහිපයක් අරගෙන එය තුළට කැන්ද කොළයක් දමා පිටි මිශ්‍රණය ටික බැගින් ඒ මතට එක්කර වාෂ්පයෙන් තම්බා ගන්නට පුළුවන්. හොඳින් තැම්බුණාම ගොටු පිට්ටුවල මුදුන උස්වී ඉරි තැලී ආකාරයක් පෙනේවි. මේ ගොටු පිට්ටු බොහොම රසයි. ඕනෙම උත්සව අවස්ථාවකදී හදා ගත්තම කවුරුත් බොහොම කැමැත්තෙන් රස විඳීවි.
උපදෙස් - පානදුර තරුණ සේවා සභාවේ කේක් සහ කේක් ආකෘති සෑදීම පිළිබඳ උපදේශිකා සුජාතා ජයරත්න,
(0773760101),
(0773760101),
Comments
Post a Comment