Posts

පැණි පොල් සමඟ "ගොටු පිට්ටු"...

Image
පැණි පොල් සමඟ "ගොටු පිට්ටු"... ********************** අඩු වියදමකින් හරිම පහසුවෙන් ඉතාමත් රසවත් ලෙස සාදාගන්නට හැකි මේ ආහාරය හඳුන්වන්නේ ‘ගොටු පිට්ටු’ නමිනුයි. මුල ින්ම අපි ගොටු පිට්ටු හදන්න ඕනෙ කරන දේවල් මොනවාද කියා හඳුනා ගනිමු. මේ සඳහා හාල් පිටි ග්‍රෑම් 500 ක්, සීනි ග්‍රෑම් 250 ක්, පොල් බෑයක පොල්, ලුණු ස්වල්පයක්, කරදමුංගු කුඩු ටිකක්, යීස්ට් ස්වල්පයක් සහ කොස් කොළ ටිකක් සූදානම් කරගන්න ඕනෑ. පිටි මිශ්‍රණය අනාගන්නා ආකාරය ගැනත් අපි දැනගන්න ඕනෑ. ඒ ගොටු පිට්ටු හැදුවාම හොඳින් පිපෙන්නට අවශ්‍ය නිසයි. ඒ නිසා මුලින්ම හාල් පිටිවලට පොල් ගෙඩියක් බිඳීමෙන් ලබාගන්නා වතුර සහ යීස්ට් හෝ ආප්ප සෝඩා ස්වල්පයක් එක්කර ඝනකම් මිශ්‍රණයක් ලෙස අනාගන්න. මෙම පිටි මිශ්‍රණය හොඳින් ආවරණය කරගෙන පැය 3 - 4 ක් වසා තබන්න. ඒ අතරතුර අපි පැණි පොල් මිශ්‍රණයක් හදාගන්න ඕනෑ. “කොහොමද පැණි පොල් මිශ්‍රණය හදන්නේ.” “බඳුනක් ළිප තබා එයට සීනි ටිකක් දමා කරවෙන්න අරින්න. එය හොඳින් කරවුණාම උණු වතුර ටිකක් එක්කර එයට ඉතිරි සීනි ටිකත් දමා තරමක් උණුවෙන්න හරින්න. දැන් මේ පැණි මිශ්‍රණයට සිහින්ව ගා ගත් පොල්, කරදමුංගු කුඩු එක්කර ක...